නියම හිමිකරුට (verified user) පමණක් ක්‍රියාත්මක කළ හැකි ස්මාර්ට් ගිනි අවියක් අමෙරිකානු සමාගමක් විසින් නිෂ්පාදනය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව LodeStar Works නම් සමාගම අද (11) මිලි මීටර් 9 ස්මාර්ට් පිස්තෝලයක් එළිදක්වා තිබේ.

වසර විස්සක පමණ සමාජ කතිකාවක් නිමාකරමින් නුදුරේදීම එම ගිනි අවිය වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මෙම ගිනි අවිය නිෂ්පාදනය සඳහා යොමු වූයේ ළමුන් අතින් සිදුවන ගිනි අවි අනතුරු ගැන නිතර ඇසීමට ලැබීමෙන් පසුව බව LodeStar සමාගමේ සම-නිර්මාතෘ ගැරත් ග්ලේසර් සඳහන් කර සිටියේ.

ස්මාර්ට් ගිනි අවියේ විශේෂත්වය වන්නේ එම අවියේ සත්‍ය හිමිකරුගේ තොරතුරු ඊට ඇතුළත් කළ හැකි වීමය. ඒ හේතුවෙන් වෙනත් පුද්ගලයින්ට එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව නොලැබෙයි.

මෙන්න බලන්න තවත් පුවත්