දෙහිවල මුහුදු තීරයේදී කිඹුලෙකු පිළිබඳව වාර්තා වීමත් සමග කළ අධ්‍යයනයකදී ඒ අශ්‍රිත ප්‍රදේශයේ කිඹුලන් හය දෙනෙකු හදුනාගෙන ඇති බව පරිසරවේදී නයනක රංවැල්ල පවසනවා.

මීට දශකයකට පමන ඉහතදී කොළඹ දියවන්නා ඔයේ ඇල මාර්ගවල සිදුකල නඩත්තු කටයුතු මෙලෙස කිඹුලන්ගේ ගහනය වැඩි වීමට හේතුවක් බවයි පරිසරවේදීන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

පසුගිය තුන්වැනිදා දෙහිවල දුම්රියපොළ ආසන්න මුහුදු තීරයේදී කිඹුලේකුගේ ප්‍රහාරයකින් කිමිදුම්කරුවෙකු ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වීමත් සමග කිඹුලන් පිළිබඳ කථාබහක් ඇති වුණා. මෙවන් පසුබිමක වැල්ලවත්ත,ගල්කිස්ස සහ පසුගිය දින දෙක තුලදී ගාලු මුවදොර වෙරළතීරයේ ද කිඹුලන් සිටින ආකාරය දැකිය හැකි වුණා.

කෙසේ වෙතත් දෙහිවල මුහුදු තීරයේදී කිමිඳුම්කරුවෙකු ඩැහැගත් කිඹුලා අල්ලා ගැනීමට වනජීවි දෙපාර්මේන්තුවට හැකියාව ලැබී තිබුණේ නැහැ.

මේ අතර කොළඹ පෝට්සිටි වෙරළ තීරයට කිම්බුලෙකු පැමිණ සිටින අයුරු මෙසේ කැමරා කාචයට හසුවී තිබුණා.

No description available.

No description available.

No description available.

මෙන්න බලන්න තවත් පුවත්