පුළුල් ජාතික වැඩපිළිවෙලක් සහිත නව සන්ධානයකින් අනාගතයේ ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඊයේ(10) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටු වීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.

ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම හා ප්‍රබලතම පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන බව,හිටපු ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

ඉදිරියේදී තම පක්ෂය පුළුල් ජාතික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බවත්,එම වැඩපිළිවෙල හා එක් වන අය සමඟ අනාගතයේදී ආණ්ඩුවක් පිහිටුවන බවත්,ඔහු එහිදී පැවසුවා.

අලුත් සන්ධානයක් හදනවාද යනුවෙන් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධීපතිවරයා කියා සිටියේ,”බොහෝ විට අලුත් එකක් තමයි හදන්න වෙන්නේ,පරණ ඒවා එක්ස්පයර් නේ” යනුවෙන්.

තම පක්ෂයට අවශ්‍ය මැතිවරණ බවත්, තමන් මැතිවරණ කල් දැමීමට විරුද්ධ බවත්, හිටපු ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ දී වැඩි දුරටත් ප්‍රකාශ කළා

මෙන්න බලන්න තවත් පුවත්