කොළඹ ගාලු මුවදොර ආසන්න මුහුදු තීරයේ වෙරළේ ඊයේ කිඹුලෙකු සිටින ආකාරය නිරීක්ෂණය වුනා.

කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් දෙහිවල මුහුදු තීරයේදී කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට පත්වූ පුවතක් ජනවාරි මස 03 වෙනිදා වාර්තා වුණා. කිඹුලාගේ ප්‍රහාරයට ලක්වූ මෙම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී තිබුනා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ රත්මලාන දුම්රිය නිවාසවල පදිංචි 58 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක්.

පසුව කිඹුලා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණන් කිඹුලා සොයා ගැනීමට නොහැකි වුණා. ඒ අතරතුර අද දිනයේ මෙලෙස ගාලු මුවදොර ආසන්න මුහුදු තීරයේ වෙරළට පැමිණ සිටි කිඹුලෙකු නිරීක්ෂණය වී තිබුණා.

මෙන්න බලන්න තවත් පුවත්