නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කඩවත ප්‍රදේශයේ පුද්ගලික හෝටලයක පැවැත්වු සාදයක් පොලීසිය විසින් වටලා තිබෙනවා.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව ඊයේ අලුයම 3.00ට පමණ එම වැටලීම සිදුකර ඇති අතර වැටලීම සිදුකරන අවස්ථාවේදී එම හෝටලය තුළ කන්තාවන් 33 දෙනෙකු සිට ඇති අතර ඔවුන් සියලු දෙනාම පොලිස් භාරයට ගෙන ඇත.

එලෙස පොලිස් භාරයට ගත් කාන්තාවන් සියලුදෙනා මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

 

මෙන්න බලන්න තවත් පුවත්