අංක 949,බෝගහ හන්දිය,කිරිඉබ්බන්වැව,සෙවණගල යන ලිපිනයේ පදිංචි කෝරාලගේ මංජුල බණ්ඩාර (39) උපතින්ම දුක කඳුළ වේදනාව උරුම වූ අයෙකි.බහ තෝරන වියේදී පියා මි’ය ගොසිනි.පවුලේ එකම දරුවා ලෙස උපත ලැබූ ඔහුගේ මව විජේකෝසලගේ වයලට් මහත්මියයි. (72) ඇය මේ වන විට ම’න්ද මා’නසික රෝගියෙකි.

ඇයගේ මව ආලවඩුගේ චාලට් පෙරේරා නම් වේ.ඇයගේ වයස අවුරුදු 105 කි. ඇය ද සිහි වි’කල්ව ඔ’ත්පලව සිටී.කිසිවකුගේ හව්හරණක් නොමැතිව කිසිදු ආදායම් මාර්ගයක් ද නොමැති ව දිවිහිමියෙන් මව හා ආච්චි අම්මා රකින මංජුලගේ යෞවනත්වය ද ගිලිහී ගොසිනි.

කාමර දෙකක ජීවත්වන මෙම පවුල පිළිබදව ක’ඳුළු පිරි දෙනෙතින් යුතුව මංජුල මෙසේ පැවසීය.‘‘මගේ අම්මාගේ අම්මා ආච්චි වින්නඹු රැකියාව කළ අයෙක්.වයස 105 යි.සිහිය අඩුයි.අම්මාගේ වයස 78 ක්. තුනටිය කැ’ඩිලා එක් තැන් වෙලා.ඇයත් මානසික රෝ’ගියෙක්.මේ දෙන්නාම එක්තැන් වෙලා.මළමුත‍්‍ර ඉවත් කරල රෙදි සෝදල සියල්ලම මම තනියෙන් කරනවා.

පවුලේ වෙනත් ඥතීන් නැහැ.සලකන්න කෙනෙක් නැහැ.මේ දුක ග‍්‍රාමසේවකට,ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් කීවා.කිසිදු සැලකිල්ලක් අදටත් නැහැ. මේ දෙන්නා දාලා මට කුලී වැඩකට යන්න බැහැ.අපි කන්නේ වේලක් හැර වේලක්.නිතරම ළගපාත පන්සලේ ඉතුරු දානය ටික ගෙනල්ල ආච්චිටයි,අම්මාටයි කවනවා.

මේ දෙන්නා ජීවත් කරගන්න උදව්වක් තමයි මම අපේ රටේ පරිත්‍යාගශීලි අයගෙන් ඉල්ලන්නේ.මට මේ දෙන්නා දාලා යන්න බැහැ.පොඩි කාමරයක් ගෙදර ඉදිරිපිට පාර අයිනෙ හදලා දුන්නොත් මට මොනවහරි විකුණලා හෝ කීයක්හරි හොයාගන්න පුළුවන්. මේ දෙන්නාට බේත් ගන්න ඕන.

එක්කන් යන්න වාහනවලට ගෙවන්න මුදල් මට නැහැ. මම ඉස්පිරිතාලෙට ගිහිල්ලා දොස්තර මහත්තයාට මේ දෙන්නාගේ ලෙ’ඩ ගැන කියලා මොනවහරි බෙහෙතක් අරන් එනවා.සමාජ සේවා ආයතනයෙන්වත් උදව්වක් නැහැ.මම ඉල්ලා සිටින්නේ මගේ මේ දුක බලල හොයල මව්වරු දෙන්නා ජීවත් කරගන්න උදව් කරන්න කියලා.

ඇඹිලිපිටිය – සේන වී.ගමගේ

මෙන්න බලන්න තවත් පුවත්