ජාතික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එංගලන්ත සංචාරයක යෙදී සිටියදී ජෛව බුබුල කඩ කිරීමේ චෝදනාවට වරදකරුවන් වීම හේතුවෙන් මොවුන් තිදෙනාට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් සහ රුපියල් මිලියන 10ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබුවා.

ඒ අනුව මේ වසරේ ජුනි මාසය දක්වා ක්‍රියාත්මක විමට නියමිතව තිබු තරග තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය විසින් අද තීරණය කර තිබෙනවා. ඒ ඔවුන් පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින්.

මෙම ක්‍රීඩකයින් තිදෙනාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩකයින් සඳහා පවත්වනු ලබන ශරිර අවශ්‍ය යෝග්‍යතා පරීක්ෂණයට ද කැඳවා ඇති අතර ඔවුන් එහිදී එම කඩඉම පසුකරනු ලැබුවොත් එළඹෙන සිම්බාබ්වේ සංචාරය අතරතුර ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් තිදෙනාම දැන් සුදුසුකම් ලබනු ඇත.

මෙන්න බලන්න තවත් පුවත්