කලහකාරී ලෙස හැසිරෙන උද්ඝෝෂකයින් ට “අනතුරු ඇඟවීමකින් තොරව” වෙඩි තබන ලෙස කසක්ස්තාන ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබෙනවා. රජයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණ පාලනය සඳහා ඔහු එම නියෝගය නිකුත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ජනාධිපති කසීම්-ජොමාර්ට් ටෝකයෙව් පැවසුවේ “කලහකාරීන්” 20,000ක් පමණ එරට ප්‍රධාන නගරය අල්මාටි නගරයට ප්‍රහාරයක් එල්ලකළ බවයි.

රටපුරා උද්ඝෝෂණ ආරම්භ වූයේ ඉන්ධන සඳහා ලබාදුන් සහනයක් ඉවත් කිරීමට එරට රජය තීරණය කිරීමත් සමගය. අනතුරුව එරට අගමැතිවරයා ප්‍රමුඛ රජය ඉල්ලා අස්වුණා.

රටපුරා කලහකාරී සිදුවීම් වාර්තාවීමත් සමගම ඉන්ධන සඳහා ලබාදුන් සහනය නැවතත් සක්‍රීය කිරීමට බලධාරීන් කටයුතු කළේ.

ඇතිවූ ගැටුම් හේතුවෙන් මේ දක්වා කලහකාරී ලෙස හැසිරුණු 26 දෙනෙක් සහ ආරක්ෂක හමුදා සාමාජිකයින් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්