ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (06) පෙරවරුවේ මල්වතු විහාරයට ගොස් අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

අනුනාහිමියෝ ජනාධිපතිවරයාට තුණුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් සෙත් පිරිත් සඡ්ඣායනා කළ අතර පැමිණෙන සියලු බාධක හමුවේ අභියෝග ජයගනිමින් ජනතා අපේක්ෂාවන් ඉටු කරනු ඇතැයි මහා සංඝරත්නය විශ්වාස කරන බව උන්වහන්සේ පවසා තිබෙනවා.

මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් බැහැ දුටුජනාධිපතිවරයා උන්වහන්සේ සමග කෙටි පිළිසඳරක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

විජිතසිරි අනුනාහිමියන් ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද පළ කළ අතර ජනාධිපතිවරයාගේ පැමිණීම සිහිපත් කරමින් ග්‍රන්ථයක් පරිත්‍යාග කර තිබෙනවා.

අනතුරුව ජනාධිපතිවරයා ගැටඹේ රාජෝපවනාරාමයට ගොස් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැදැ දැක රටේ වත්මන් තත්ත්වය සහ රජයේ අපේක්ෂාවන් පිළිබඳ උන්වහන්සේ දැනුම්වත් කළ බවද එම නිවේදනයේ සඳහන්.

බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා මේ අවස්ථාවන්ට එක්ව සිටියා.

මෙන්න බලන්න තවත් පුවත්