සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණේ දෙල්කඳ පොළේ සිදුකළ ප්‍රකාශය පමණක් පදනම් කරගෙන නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

“හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ බොහොම පැහැදිලිව කියනවා නැවතත් විකල්ප බලවේගයක් හදන්න එතුමාගේ උත්සහය තියෙනවා කියලා.රජ්‍ය බුද්ධි සේවයට එන සමහර තොරතුරු ආශ්‍රිත කරුණු රාශියක් එකතුවීමේ අවසන් ප්‍රතිඵලයක් විදිහට තමයි සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ඉවත්කිරීම සිදුකරන්නේ. එහෙම නැතුව දෙල්කඳ පොළේ කරපු ප්‍රකාශය අනුව නෙමෙයි.”

“විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර නෙමෙයි කවුරු හෝ වේවා ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන විවේචනය කරනවා නම් එයාව අනිවාර්යයෙන් ඉවත් කළ යුතුයි කියන තැන අපි සියලුදෙනාම ඉන්නවා.”

“ආප්පෙ දැනගන්න ඕනේ තාච්චියේ ඉන්න විදිහ.” මන්ත්‍රීවරයා අදහස් පළකර සිටියා.

මෙන්න බලන්න තවත් පුවත්