ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

ශ්‍රී දළදා මාළිගාවට ගිය ජනාධිපතිවරයා දියවඩන නිළමේ නිලංග දෑල මහතා විසින් පිළිගෙන ඇති අතර මාළිගාව පරිශ්‍රයේ දී දළදා සමිඳුන් වන්දනා කිරීමට පැමිණි ජනතාවගෙන් ජනාධිපතිතුමාට උණුසුම් පිළිගැනීමක් හිමි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ජනතාව සමග කතාබහ කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසා බලා තිබෙනවා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරු මේ අවස්ථාවට එක්වී තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්