ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් මගින් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් හා සැලකිල්ලක් දැක්වීමට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් තීරණය කර තිබෙනවා.

මේ අනුව කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් ආරම්භ කළ බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඔමික්‍රෝන් වෛරසය තදින්ම පැතිර යෑම නිසා ඉන්දියාවේ නවදිල්ලි නුවරට සහ මුම්බායි නුවර ඇතුළු ප්‍රාන්ත කිහිපයකටම රාත්‍රී කාලයේදී සහ සති අන්තයේදී ඇඳිරි නීතිය පැනවීමට ද එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

 

මෙන්න බලන්න තවත් පුවත්