තම පියාගේ බාල සහෝදරයාගේ 16 හැවිරිදි දියණියට ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් 24 හැවිරිදි හමුදා සෙබලෙකු ගෝනගංආර පොලීසිය මඟින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර හමුදා සෙබලා තම බාප්පාගේ දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඉකුත් දෙවෙනිදා රාත්‍රී ඇයගේ නිවසට ගොස් එහිදී ඔවුන් අඹුසැමියන් ලෙස හැසිරී ඇති බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ සීයා පොලීසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව, 1995 අංක 22 දරණ පනතේ 364 (අ) වගන්තිය යටතේ ව්‍යාභිචාරය සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩුපැවරීමටයි පොලීසිය කටයුතු කර තිබෙන්නේ.

සැකකරු අද (04) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගෝනගංආර පොලිසිය විසින් මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි

මෙන්න බලන්න තවත් පුවත්