තම දරුවන් දෙදෙනා ගසක බැඳ සිරුරේ මිරිස් තවරා අමානුෂික ලෙස වද දුන් පියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවු 6 ක පුතා සහ අවු 7ක දියණිය ගසක බැඳ වද හිංසා පැමිණ වු මෙම සැකකාර පියා හැටන් කුඩාගම සමගි මාවතේ පදිංචිකරුවෙකු වනවා.

හැටන් පොලිසිය මගින් ඊයේ (02) දින රාත්‍රියේ ඔහුව අත්අඩංගුවට ගෙන ළමුන් දෙදෙනා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

සැකකරු මත්පැන්වලට ඇබ්බැහි වූ අයෙකු බවත් බිරිඳට පහර දී දරුවන්ට කෘ/ර ලෙස වද හිංස පමුණවන බවත් හැටන් කුඩාගම ප්‍රදේශවාසීන් හැටන් පොලිසිය වෙත ප්‍රකාශ කර තිබුණා.

මෙන්න බලන්න තවත් පුවත්