බිත්තරයක් රුපියල් දෙකකින් හා කුකුල් මස් කිලෝවක් රුපියල් 50කින් අඩු කිරීමට ව්‍යාපාරිකයන් එකඟතාව පළ කළ බව පශු සම්පත්,ගොවිපෙළ සංවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද (03දා) සිට මිල අඩුවන බවද එම අමාත්‍යාංශය පවසයි.සත්ත්ව ආහාර සඳහා තිරිඟු ගෙන්වීමට රජය සහන ලබාදීම හේතුවෙන් එම සහන ජනතාවට ලබාදීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා හා බිත්තර හා කුකුල් මස් ව්‍යාපාරිකයන් අතර හමුවක් පසුගියදා පැවැත්විණ.

මෙන්න බලන්න තවත් පුවත්