“තාත්තයි පුතයි ඇල්ලේ නාන්න ඕන කියලා පහළට ගියා. අපි එහා පැත්තට වෙලා හිටියේ. තාත්තයි පුතයි ගල උඩටවෙලා සෙල්ෆි ගැහුවා. තාත්තා වැටෙනකොට දුව දැකලා කෑ ගැහුවා. බේරගන්න කියලා උදව් ඉල්ලුවට වැඩක් උනේ නෑ. දුවගෙන යනකොට තාත්තයි පුතයි දඟලලා වතුරේ නොපෙනී ගියා.” ඒ 42 හැවිරිදි මොහොමඩ් සලාබ්දීන් ෆාතිමා නම් මවගේ කතාවයි..

දෙනියාය පල්ලේගම සත්මාලේ ඇල්ලේ දියනෑමට ගොස් පයලිස්සා ඇඳවැටීමෙන් ඇයගේ සැමියා සහ පුතා ඊයේ ජීවිතක්ශයට පත්වී තිබුණා.

මහ හපුගල ගිංතොට ගාල්ල ප්‍රදේශයේ පදිංචි ඔවුන් ඊයේ සිය සතුට වෙනුවෙන් මෙම අවාසනාවන්ත ගමන පැමිණියා.

“මහත්තයට ඕන වුණේ අලුත් අවුරුද්ද දවසේ අපි සතුටින් ඉන්නවා දකින්න. මමයි මහත්තයයි දුවලා දෙන්නයි පුතයි දෙනියායේ ආවේ සතුටින් දවස ගත කරලා යන්න. ඒත් අන්තිමට දුවලා දෙන්නයි මමයි තනිකරලා ඒ අය යන්න ගිහින්.” ඇය වැඩිදුරටත් පැවසුවා.

මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූයේ මොහොමඩ් තාහීර් මොහොමඩ් මන්සාර් නැමති 48 හැවිරිදි පියා සහ මොහොමඩ් මන්සාර් මොහොමඩ් මාහීර් නමැති 16 හැවිරිදි පුතායි.

පුතා දෙවන ගල් පේලියේ සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යෑමේදී පය ලිස්සා ඇල්ල පහළට ඇදවැටී තිබුණි. ඔහුව බේරාගැනීම සඳහා පියා ඇල්ලට පැන තිබුණි.

අඩි 40ක් පමණ ගැඹුරු එම ස්ථානයේ දී ඔහුන් දෙදෙනාමව ගිලී එම අවාසනාවන්ත අනතුර සිදුවිය.

“මෙතන ගිලුනොත් සිරුර ගොඩ එන්නෙත් නෑ. යට කැරකි කැරකි තියෙනවා ගන්නකම්ම. අඩි 40ක් විතර ගැඹුරුයි. එන අයට කිව්වට ගණන්ගන්නෙත් නෑ. දින තුන හතරකට පස්සේ තමයි ගොඩ එන්නේ. මේ 10 වෙනි මරණය. කොතරම් පීනන්න දන්න කෙනෙක් වුණත් මෙතනදි අඩපණ වෙනවා. අවදානම ගහලා තිබ්බ බෝඩ් පවා එන අය කඩලා බිඳලා දාලා.” සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසියෙකු පවසා සිටියේ.

දැඩි ආකර්ෂණීය භාවයක් රැඳී තිබෙන මෙම ස්ථානයේ ඊට නොදෙවෙනි අනතුරුදායක භාවයක් ද සඟවාගෙන සිටී.

මෙන්න බලන්න තවත් පුවත්