දිගින් දිගටම ආණ්ඩුව කන් නොදෙන්නේ නම් ඉදිරියේදී තීරණයක් ගැනීමට සිදුවන බවත් එය නියමිත වේලාවට ගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ෂාන් විජයලාල්ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම වෙනුවෙන් අම්බන්ගොඩදී පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය.

එදා ජනපතිවරණයේදී ජනතාවට ලොකු ප්‍රශ්ණයක් තිබුණා ජනාධිපති කරවන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයද නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්තයද කියලා.එහෙම තත්ත්වයක් තියේද්දී ජනතාව අපෙන් ඇහුවා ඇයි පොහොට්ටුවත් එක්ක එකතු වෙන්නේ නැත්තේ කියලා.

අපි එදා එකතුවෙලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනවන්න කටයුතු කළා.ඒක මාධ්‍ය මගින් ජනතාව ලොකුවට දැනුවත් වුණා.අපි එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනවන්න කටයුතු කළා.

අපි එකතුවෙලා පිහිටවපු ආණ්ඩුව දැන් පළ නොකියා පළා බෙදද්දී එදා අපිට පොහොට්ටුව සමග එකතු වෙන්න කියපු ජනතාව කියනවා ඇයි ආණ්ඩුවෙන් යන්නේ නැත්තේ කියලා.

අපි කැමති නෑ අපි හදපු ආණ්ඩුවෙන් යන්න.නමුත් ජනතාව දිගින් දිගටම අපි කියන දේට ඇහුම්කන් දෙන්නේ නැත්නම් අපිටත් තීරණයක් ගන්න වෙනවා.

දීමනා වරප්‍රසාද ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අපිටත් අද ජීවත් වෙන්න අමාරුයි.අපිටත් ජීවත්වෙන්න අමාරුනම් සාමාන්‍ය ජනතාවට කොහොම ඇතිද කියලා අපිට තේරිලා තියෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ජනතාව සුඛිත මුදිත කිරීමට බිහිවෙච්ච පක්ෂයක්.ඒ නිසා ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිමට අපිට අයිතියක් තියෙනවා”

කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත

මෙන්න බලන්න තවත් පුවත්