අද (02) අළුයම 04.30ට පමණ බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේ දී තරුණ යුවළක් ගමන් ගත් යතුරු පැදියක් අනතුරකට ලක්වීමෙන් ඔවුන් දෙදෙනා මෙම ස්ථානයේදීම මි/යගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි.

අනතුරින් බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 21 ක තරුණයකු සහ මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 19 ක තරුණියක මි/යගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඔවුන් දෙදෙනා කැස්බෑව දෙස සිට බණ්ඩාරගම දෙසට යතුරුපැදියෙන් පැමිණීමේදී වැල්මිල්ල හංදිය පසුකරනවාත් සමඟම යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් බෝක්කුව ගැටීමෙන් අනතුරුව යතුරුපැදිය විසිවී ගොස් අසල තිබූ ගල් බැම්මක වැදි මෙම අනතුර වී ඇතැයි පොලිසිය පවසයි.

මෙන්න බලන්න තවත් පුවත්