පොදු ස්ථානවලට ඇතුලුවීමේදී කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම බලාත්මක කිරීමට තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

එම කාඩ්පත අද සිට අනිවාර්ය කිරීමට මීට පෙර තීරණය කර තිබුණා. එය බලාත්මක කිරීමේ කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර, ජනවාරි 01 වෙනිදා සිට ලබන 31 වැනි දා තෙක් බලාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඊයේ නිකුත් කෙරුණු අතර, ඒ යටතේ 5 ශ්‍රේණීයේ සිට ඉහළට 50%ක සාමාන්‍ය ධාරිතාවකට යටත්ව උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් 50% කට අවසර හිමිව තිබෙන අතර එළිමහන් ස්ථාන විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන්නේ නම් එය වඩාත් උචිත බවයි නව මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ.

ශාලාවන් හී සාමුහික වශයෙන් එක්රැස් වීම් වලදී සාමාන්‍ය ධාරිතාව 50%ක උපරිමයකටත්, පුද්ගලික නිවෙස්වල එක්රැස්වීම්වල දී පුද්ගලයන් 10ක උපරිමයකට යටත්වත් අවසර හිමිවනවා.

එමෙන්ම, අවමංගල කටයුතු පැය 24ක් තුළ අවසන් කටයුතු කළ යුතු අතර සහභාගී විය හැකි උපරිමය 30ක් පමණයි.

 

මෙන්න බලන්න තවත් පුවත්