ලොව පුරා බිලියන ගණනක් වූ ජනතාව 2022 වර්ෂයේ උදාව සනිටුහන් කිරීමට මේ වන විට පෙළ ගැසී සිටිනවා. ඒ පවතින කොවිඩ් වසංගතය හමුවෙයි.

2022 වර්ෂයට පා තැබූ ලොව පළමු රට බවට කිරිබති දිවයින පත්වුණා. පැසිෆික් සාගර කලාපයේ පිහිටා ඇති කිරිබති දිවයින ස්වාධින රාජ්‍යයක් වනවා.

ලොව ඇතැම් රටවල් කොවිඩ් වසංගතය හමුවේ නව වසරේ උදාව සැමරීම සඳහා සුදානම් කළ ගිනිකෙලි සංදර්ශණ ඇතුළු උත්සව තහනම් වී ඇත්තේ පනවා ඇති දැඩි සීමාවන් හේතුවෙන්ය.

විශේෂයෙන්ම ඉන්දියාවේ ප්‍රාන්ත රාශියකම මේ වන විට රාත්‍රී ඇඳිරි නිතිය පැනවීමට එරට රජය තීරණය කෙරුණේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින්ය.

මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් දැඩි අවදානමක් පවතින බ්‍රිතාන්‍යය තුල නව අවුරුදු උදාව සැමරීමේ උත්සව සඳහා කිසිදු සීමා පැනවීමක් සිදුකර නොමැති වුවද බොහෝ බ්‍රිතාන්‍යය වැසියන් කොවිඩ් වසංගතය නොතකමින් කටයුතු කරනු ලබන අයුරු දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මෙන්න බලන්න තවත් පුවත්