පුරාවිද්‍යා වටිනාකමකින් යුත් දිය යට පවතින ස්ථාන 107ක් පර්යේෂණාත්මක අධ්‍යයනයකින් හඳුනාගෙන තිබෙනවා.

ඒවා බෞද්ධ තොරතුරු පද්ධතියට ඇතුළත් කර ඇති අතර, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ccf.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ ඉදිරියේ දී යාවත්කාලීන වනු ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

පුරාවිද්‍යා ස්ථාන යටතේ දියේ ගිලුණු නෞකා 101ක් සහ ගුවන් යානා 06ක් පිළිබඳව තොරතුරු හඳුනාගෙන තිබෙනවා.

එම සිදුවීම්වල ඉතිහාසය, ඡායාරූප සහ වීඩියෝ බෞද්ධ තොරතුරු පද්ධතිය ඔස්සේ අන්තර්ජාලයට එක් කිරීමට කටයුතු කෙරෙනු ඇති.

සංචාරක කර්මාන්තයට දායක වෙමින් මෙම ස්ථාන දෙස් විදෙස් සංචාරක ගමනාන්ත බවට පත් කිරීම මෙහි අරමුණයි.

දිවයින පුරා පිහිටි සියලු ම බෞද්ධ විහාරස්ථානවල තොරතුරු ඇතුළත් තොරතුරු පද්ධතිය ජනගත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනවල සිදු කෙරුණා.

ඊට අදාළවයි මෙම දියයට පිහිටි පුරාවිද්‍යා ස්ථාන 107 පිළිබඳ තොරතුරු හෙළිදරව් කෙරෙන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්