ගෑස් සිලින්ඩර තිරස් අතට ප්‍රවාහනය නොකරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී සිටිනවා. එහි බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව කියා සිටියේ.

තිරස් අතට ගෑස් ප්‍රවාහනය තුලින් එහි ගෑස් සිලින්ඩරයේ ආරක්ෂිත වෑල්වයට හානි විය හැකි බවද ඔහු සදහන් කළා.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය සෙනිත ලියනගේ මහතා පැවසුවේ ගෑස් ආශ්‍රීත අනතුරකදී ජනතාව කටයුතු කළ යුතු ආකාරය ගැන මෙසේ අදහස් පලකර සිටියා.

” ගිනිගැනීමකට ලක්වෙච්ච ගමන් අපි ඉස්සෙල්ලාම කරන්නේ දුවනවා. දුවනකොට ගිනිගැනීම තවත් වැඩි වෙනවා. හදිසියේ හරි කවුරුම හරි පුද්ගලයෙක් ගිනිගත්තොත් කරන්න අවශ්‍ය මුලින්ම ගෑස් ටැංකි ඇති ප්‍රදේශයෙන් ඉවත්වෙලා බිම පෙරලෙන එක. ඊළගට දෙවන පියවර තමයි ප්‍රථමාධාරයක් වශයෙන් ගිනිගත් ප්‍රදේශය ගලන වතුරෙන් හෝදන්න අවශ්‍යයි. සම සිසිල් කළේ නැත්නම් සමේ ගැඹුරු පටක වලට හානි වෙන්න පුළුවන්. ඒ නිසා පිළිස්සුන තැන් සියල්ලක්ම ගලන ජලයෙන් විනාඩි 20ක් වත් සෝදන්න අවශ්‍යයි.”

මෙන්න බලන්න තවත් පුවත්