ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා යෝජනා කර ඇති කාඩ්පත් ක්‍රමය නිසා විසිදාහක කොන්දොස්තර පිරිසකගේ රැකියාව අහිමි වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසනවා.

ඒ වෙනුවෙන් ඉදිරියේදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවයි ඔහු සඳහන් කළේ.

අවම බස් ගාස්තුව රුපියල් 20ක් විය යුතු බව ද ඔහු පෙන්වා දෙනවා

මෙන්න බලන්න තවත් පුවත්