මත්තල ගුවන් තොටුපොළ හම්බන්තොටට ලැබුණ සම්පතක් බවත් එහි වී ගබඩා කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ තමන්ව විනාශ කිරීමට බවත් සමගි ජනබලවේගයේ නායක,විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.ඊයේ (28දා) හම්බන්තොටදී පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“මම කවදාවත් එයාපෝට් එකේ ගිහින් වී ගබඩා කරන්නේ නෑ.ඒ සංකල්පය මගේ නෑ.ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා කළේ මාව විනාශ කරන්න.ඇත්තම කථාව.පැහැදිලිවම ගුවන් තොටුපොළ අපේ ප්‍ර දේශයට ලැබුණ සම්පතක්.රස්සා බිහිකරන ගුවන් තොටුපොළක් බවට අපි පත්කරනවා.

මම පැහැදිලිව පොරොන්දුවක් දෙනවා පැහැදිලිවම කිසිම තැනක කිසිම වෙලාවක හොරුන්ට,මංකොල්ලකරුවන්ට,දූ/ෂිතයන්ට,මිනී ම/රුවන්ට මගේ ආණ්ඩුවක් තුළ ඉඩ නෑ.අපේ රජයක් තුළ හොර ඩීලුත් නෑ.හොරුත් එක්ක ඩීලුත් නෑ.’

මෙන්න බලන්න තවත් පුවත්