ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපතිවරයා ලෙස සුරේෂ් සුබ්‍රමනියම් මහතා නැවතත් තේරී පත්වී තිබෙනවා.

සුරේෂ් සුබ්‍රමනියම් මහතා එහිදී ඡන්ද 21ක් ලබා ගත් අතර ඔහු සමග සභාපති ධූරයට තරග කළ විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 12කි.

අවසන් වරට 2018 පෙබරවාරි මාසයේ පැවැති ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී ද සභාපති තනතුර සඳහා සුරේෂ් සුබ‍්‍රමනියම් මහතා තරග කළ අතර එහිදී සුබ‍්‍රමනියම් මහතා ඡන්ද 18ක් ලබා ගනිමින් එහි සභාපතිවරයා ලෙස තේරී පත් විය.

මෙන්න බලන්න තවත් පුවත්