ජය ශ්‍රී කිව්ව ගමන් රෝහිත ජයලත්ව සහ රොහාන් ජයලත්ව මතකයට නැඟුණට අද වෙද්දී ජය ශ්‍රී කියන්නේ ඔවුන් දෙදෙනාගෙන් පමණක් සැදුම්ලත් සංගීත කණ්ඩායමක් නෙමෙයි.එය ලෝකයේ මහාද්වීප තුනක් නියෝජනය වන පරිදි විවිධ රටවල් 4ක සංගීතවේදීන් 7 දෙනකුගෙන් සෑදුණු සංගීත කණ්ඩායමක්.ජය ශ්‍රී විසින් ශ්‍රී ලාංකේය සමාජය තුළ ඇති කරපු ජය ශ්‍රී උන්මාදය එදා වගේම අදටත් එක සේ වලංගු කාරණාවක්.ඒ කෙසේ වෙතත් පසුගියදා දවසක ජය ශ්‍රී සම්බන්ධව තරමක් වැඩිපුර කතා වෙන්න පටන්ගන්තේ ජය ශ්‍රී කණ්ඩායමේ ම සාමාජිකයෙක් ලෙස හිටපු අරුණ ලියාන් විසින් කණ්ඩායමේ ඇතැම් ගීත සම්බන්ධව යම් අයිතියක් කියාපෑමත් එක්ක.ඉතින් ඔවුන් පැවසුවේ මේ වගේ අදහසක්.

“ජය ශ්‍රී කණ්ඩායමේ ගීත 20 ගායනය තහනම පිළිබඳව මේ වෙද්දි ඒ සම්බන්ධව කිසිම ලියවිල්ලක් අපිට ඇවිල්ලා නැහැ.මීඩියා වලින් තමයි අපිත් ඔය සිද්ධිය දැනගත්තේ.මොනදේ උනත් අපි ඉන්නේ රටක නීතියට ගරු කරන්න අවශ්‍යයි කියන තැන.31 වැනිදා මේ සම්බන්ධව පිළිතුරක් ලැබෙන කම් අපි නොඉවසිලිවන්තව බලාගෙන ඉන්නවා.කොහොම වුණත් 31 වෙනිදා වෙනකන් තමයි අපට ඔය ගීත 20 ගායනා කරන්න එපා කියලා තියෙන්නේ.එතනින් පස්සේ කරන්න තියෙන දේ සම්බන්ධව නීතියෙන් දැනුම් දෙනවා.අනිත් වැදගත් දේ තමයි මේ ගීත 20 කිව්වේ නෑයි කියලා අපේ ජීවිත නැති වෙන්නේ නෑනේ.ඕනම දේකට අපි ලෑස්ති වෙලා ඉන්නවා.

එකපාරටම එහෙම ප්‍රශ්නයක් උද්ගත වෙන්න හේතුව උනේ කියලා අපිටත් හිතාගන්න බැහැ.අපි අපේ සින්දු කියන්න කාටවත් තහනම් කරල නැහැ.අපේ සින්දු ජය ශ්‍රී සිංදු විදියට අපි කියනවා.ඒ වගේම අනෙක් අයටත් කියන්න තහනමක් කරල නැහැ.අපේ ගීත ඔක්කොම ලියාපදිංචි කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ.අපි ෂෝ එකක ඒ ගීත ගායනා කරනකොට ඒ සින්දු සින්දු ලිස්ට් එක එතන ඉන්න සංවිධායකවරයාට දෙනවා.ඉන්පසු සංවිධායකවරයා AKM ආයතනයට දීලා එම ආයතනය තුළින් තමයි අපිට ගෙවීම් කරන්නේ.ලංකාවේ collecting society එකක් නැහැ.ඒ නිසා coppyright සම්බන්ධව නීතිමය වශයෙන් ක්‍රියා කරන්න කිසිම විධිවිධාන තිබුණත් ඒවා සාර්ථක නැහැ.අන්න ඒකයි ක්ෂේත්‍රය තුළ මෙවැනි ප්‍රශ්න උද්ගත වන්නේ.

සෙලිබ්‍රිටි කියන වචනය අපි කිසිම වෙලාවක කරදරයක් කරගත්තේ නැහැ.අපිත් ජීවත් වුණේ සාමාන්‍ය මිනිස්සු වගේ.මම හිතන්නේ මිනිස්සු එක්ක බැඳුණු ජීවිතයක් ගත කළ නිසා තමයි මිනිස්සු අපිට මේ තරම් කැමති උනේ.අපි උපතින්ම නිවුන්නු වුණත් අපි වැඩ කටයුතු කළේ හරියට යාළුවෝ වගේ.මම හිතනවා මෙච්චර දුරක් එකට එන්න බලපෑම් සහගත වුණු මූලිකම කාරණාව ඒක කියලා.අපි ෆැශන් කරන්නේ natural විදියට.ඒ අලෙවිකරණය සඳහා හිතලම කරන දෙයක් නෙමෙයි.නමුත් එහෙම කරනකොට නිකන්ම අලෙවිකරණ උපායක් බවට පත්වෙනවා.අපි අපි විදියටයි විලාසිතා තෝරගන්න ඕන.

චේ ගුවේරගෙන් බොබ්මාලිගෙන් පස්සේ ජයශ්‍රීලා කියන තැන තමයි ගොඩක් අය ඉන්නේ.අපි ඒක දැකලා සහ අත්විඳලා තියෙනව.සමහර තාප්ප වල ත්‍රිරෝද රථවල පවා අපේ ෆොටෝ ගහලා තියෙනවා ඒ ගොල්ලො ලගින්.ඉතින් ඒ ගැන අවංකවම සතුටුයි”

ඉතින් ලෝකයක් කතා කළ,ලෝකයක අවධානය යොමුවුණු ජයශ්‍රීලගේ ගීත තහනම ගැන ඔවුන් කිව්වේ මෙවැනි අදහසක්.ඉතින් රටක් ආදරේ කරන ඔවුන්ගේ අනාගත වැඩකටයුතු සාර්ථක වන්නට අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරමු.

මෙන්න බලන්න තවත් පුවත්