දෙසැම්බර් විසිපස් වෙනිදා අපිට විතරක් නෙමෙයි මුලු ලෝකෙටම නත්තල උදා වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මුලු ලෝකෙම වගේ අපේ පුංචි දිවයිනෙත් නත්තල හරි අපූරුවට සැමරුවා.

සාමය,සතුට,සෞභාග්‍ය සපිරි නත්තලක් තමයි හැමෝම අපේක්ෂා කරන්නේ. ඉතින් නත්තලේ සැබෑ අරුත ඇත්තේ කුඩා දරුවන්ටයි. කුඩා දරුවන් නත්තල් සීයා එනකම් බලන් ඉන්නේ තෑගි ලබාගන්නයි. ඉතින් මේ විදියට ඊයේ දවසේ නත්තල සමරන අතරේ අපිට වෙනස්ම ආකාරයකින් නත්තල සමරපු තරුණයෙක් දැකගන්නට ලැබුණා.

සල්ලි හොදට වියදම් කරල කාලාබීල හුගක් අය නත්තල සමරන මිනිසුන් අතරේ මොහු ආදර්ශමත් ක්‍රියාවක් සිදු කලා. ඒ නැගිටින්න අපහසු අවුරුදු 23ක පුත්තලම පැත්තේ තරුණයෙක් එක්ක. නිරූපණ ශිල්පියෙක් වන මිථුන් නීකෝ තමයි මේ විදියට නත්තල සමරලා තිබුනේ. ඉතින් සමාජයට අරුත්බර ක්‍රියාවක් කල මිථුන් නීකෝගේ අනාගත වැඩකටයුතු සාර්ථක වෙන්නට අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරමු.

මෙන්න බලන්න තවත් පුවත්