බරපතල දූෂණ වංචාවක් සම්බන්ධයෙන් වසර 22ක සිර දඩුවම් ලබා සිටි දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගෙවුන් හයිට එරට වත්මන් ජනාධිපති මුන් ජේ ඉන් විසින් ජනාධිපති සමාව ලබා දී තිබෙනවා

69 හැවිරිදි ගෙවුන් 2017 වර්ෂයේදී එල්ලවූ අදාළ දූෂණ චෝදනා හේතුවෙන් දෝශාභියෝගයක් හරහා බලයෙන් පහ කෙරුණු අතර පසුව ඇයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු මෙලෙස වසර 22ක සිර දඩුවම් නියම වුණා

එරට පුවත් සේවා සඳහන් කළේ හිටපු ජනාධිපතිනියගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙලෙස ජනාධිපති සමාව ලබාදී ඇති බවයි

කෙසේ වෙතත් මීට පෙර ඇයට සමාව ලබාදෙන ලෙස මූන් ජේ ඉන් ජනාධිපතිවරයාගෙන් විවිධ පිරිස් ඉල්ලා සිටි නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළා

මෙන්න බලන්න තවත් පුවත්