ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් සැණකෙළියේ අවසන් මහා තරගය ඊයේ පැවැත්වුණේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී. තරගය නැරඹීම සඳහා කලකට පසු විශාල ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් ක්‍රීඩාංගණය වෙත පැමිණ තිබීම පිළිබඳවද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණා.

එහිදී තරගය අවසානයේ සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුවුණා.

එහිදී තරගය නැරඹීමට එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා යූත් ස්වේච්ඡා කණ්ඩායමක් විසින් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් එහි තිබූ සියලු කැළිකසල ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

බොහෝදෙනෙකුට ආදර්ශයක් සැපයූ එම අවස්ථාවේ ඡායාරූප පෙළක් පහතින්.

මෙන්න බලන්න තවත් පුවත්