කොවිඩ් වසංගතය හමුවේ නිවෙස්වල කොටුවී සිටින මිනිසා විවිධ නිර්මාණ කිරීමට ද පෙළඹී තිබේ.

මේ කතාව එවැනි නිර්මාණයක් ගැනයි.

ජපාන මහාචාර්යවරයෙක් “ලෙවකා” ආහාර වර්ගවල රස හඳුනාගත හැකි ලෙස ටෙලිවිෂන් තිරයක් නිර්මාණය කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.

Taste-the-TV ලෙස නම් හඳුන්වාදී ඇති එම උපාංගය කුඩා ප්‍රමාණයේ තිරයකි.

මෙම උපාංගය නිර්මාණය කර ඇත්තේ මහාචාර්ය හොමෙයි මියාෂිටා විසිනි.

මෙමගින් සුපවේදීන් ව පුහුණුකළ හැකි බව ඔහු පවසයි.

නව මෙවලමෙහි වාණිජ වටිනාකම ඩොලර් 875ක් බව මහාචාර්යවරයා ඇස්තමේන්තු කර තිබේ.

“මෙම නිර්මාණයේ අරමුණ වන්නේ ලෝකේ කොහේ හිටියත් ගෙදර හිටියත් භෝජනාගාරයක සිටිනවා වගේ හැඟීමක් මෙමගින් ඇතිකිරීමයි,” යනුවෙන් ඔහු පැවසීය.

මෙන්න බලන්න තවත් පුවත්