ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ, ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්වාර 20 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 201ක් රැස්කර ගැනීමට සමත් වුවා.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා සමත් වූ අතර ඒ අනුව, පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කරනු ලැබුවා.

එහිදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 63ක් රැස්කළ අතර ටොම් කෝලර්-කැඩ්මෝර් නොදැවී ලකුණු 57ක් රැස් කරනු ලැබුවා.

පන්දු යැවිමේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් අමීර්, නුවන් තුෂාර සහ සමිත් පටෙල් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සම්ත්වුවා.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හිමි වී ඇති ඉලක්කය ලකුණු 202ක්.

මේ වන විට ගෝල් ගැලැඩියේටර් කණ්ඩායම පන්දු ඕවර 10ක් අවසානයේදී කඩුලු 3ක් දැවී ලකුණු 106ක් රැස් කර ගැනීමට සමත්ව සිටිනවා. ඒ අනුව ඔවුන්ට පන්දු 60කදී ලකුණු 96ක් රැස් කර ගත යුතුව තිබෙනවා.

 

මෙන්න බලන්න තවත් පුවත්