සමන්තා කියන්නෙ කොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය නිළියක්. හැබැයි පසුගිය දවස්වල ඇගේ පෞද්ගලික ජීවිතයේ සිදුවූ සිදුවීමක් බොහෝ ආන්දෝලනයට ලක්වුණා. ඒ ඇය හදිසියේ දික්කසාද වීමත්, දික්කසාද වීමෙන් අනතුරුව “සමලිංගික චරිතයක්” සිදුකිරීමට නිර්භයව ඉදිරිපත් වීමත් නිසායි.

ඇය විවාහ වී සිටියේ නාග චේතියියා කියන කඩවසම් තෙළිඟු නළුවා සමඟයි. කෙසේ වෙතත් මේ දෙන්නාගේ දික්කසාදයට හේතුව, සමන්තාගේ ඇතැම් රංගනයන්ට නාග චේතියියාගෙන් එල්ල වූ විරෝධය බවයි පසුව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, පසුගිය දිනෙක තෙළිඟු සිනමාවේ සුපිරි තරුව අල්ලු අර්ජුන්ගේ නවතම චිත්‍රපටය වන “පුෂ්පා“ චිත්‍රපටයේ ගීතයක් අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවා. මෙම චිත්‍රපටයේ ආරාධිත රංගනයකින් දායකත්වය සපයන සමන්තාගේ රංඟනයක් දැනටම අන්තර්ජාලය කළඹන්නට සමත්ව තිබෙනවා.

එයට හේතුව මෙම ගීතය තුළින් පිරිමින්ට “අපහාසාත්මක“ ලෙස පහර ගැසීම බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. මේ හේතුව නිසාම සමන්තාට ඇගේ රසිකයෙක් ප්‍රසිද්ධියේ “කමෙන්ටුවක්“ දමා ඇති අතර, ඊට සමන්තා ද ප්‍රතිචාර දක්වා තිබුණා.

“පිරිමින්ට අපහාස කරන සමන්තා, මිනිහගෙන් කෝටි 50ක් හොරකම් කළා…“ යනුවෙන් මෙම පුද්ගලයා සඳහන් කර තිබූ අතර, සමන්තා බොහෝම අපූරූ පිළිතුරක් ඔහුට ලබා දී තිබුණා. ඒ, “ඔබේ ආත්මයට දෙවියන් ආශිර්වාද කරනවා“ යනුවෙනුයි. කොහොම වුණත් සමන්තාගේ මේ ප්‍රතිචාරයෙන් පස්සෙ, අදාළ පුද්ගලයා කමෙන්ටුව ඉවත් කරගෙන තිබුණා. විදෙස් මාධ්‍ය ඇසුරිනි.

1.

Gallery

2.

Gallery

3.

Gallery

4.

 

මෙන්න බලන්න තවත් පුවත්