කිලිනොච්චිය,ජෙයන්තිනගර් ප්‍රදේශයේ කුළි නිවසක තිබි පෙර පාසල් ගුරුවරියකගේ මළ සිරුරක් හමුවු ස්ථානය කිලිනොච්චිය අධිකරණ වෛද්‍ය නිළධාරී හා කිලිනොච්චිය පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිළධාරීන් ඇතුළු කණ්ඩායම ඊයේ(20) පරීක්ෂා කළ බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ වයස අවුරුදු 32 ක් වන තිදරු මවක් වු නිලකරත්නම් ජෙයසීලි නමැති පෙර පාසල් ගුරුවරියකගේ මළ සිරුරක් අදාළ කුලී නිවස තුළ තිබි සොයාගත් බවයි.

මළ සිරුර සම්බන්ධයෙන් 19 වැනිදා තොරතුරු ලැබුණ බවත්,අනතුරුව අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බවද පොලිසිය සඳහන් කළා.

මියගිය කාන්තාව, ස්වාමිපුරුෂයාගෙන් වෙන්වි කාලයක් දරුවන් සමඟ තනිව ජිවත්ව ඇති බවට තොරතුරු පවතින බවද පොලිසිය ප්‍රකාශ කළා.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ මියගිය කාන්තාව ගෙල වැළලාගෙන සිටි ආකාරයක් මූලික නිරීක්ෂණය වුවද,සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිස් නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මෙන්න බලන්න තවත් පුවත්