ලබන ජනවාරි මස 1 වැනිදා සිට බස් කාඩ්පත අනිවාර්යය කිරීම සඳහා සහ කොන්දොස්තරවරයා රහිතව හෝ සහිතව මගී බස් රථ ධාවනය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුව ප්‍රවාහන අමාත්‍යාංශයට ලිඛිතව දන්වා ඇතැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.

බස් රථ ධාවනයේ පිරිවැය තුන් ගුණයකින් වැඩි වීම නිසා ජනවාරි මාසේ වන විට බස් රථ ධාවනය සියයට 25 ක් දක්වා අඩු වන බව කී ගැමුණු විජේරත්න රජය ඉන්ධන මිල ක්ෂණිකව විශාල මුදලකින් ඉහළ දැම්මොත් ඊට පසු දිනයේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ද සඳහන් කළේ.

නුගේගොඩදී අද පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර සිටියා.

මෙන්න බලන්න තවත් පුවත්