විනය හමුදා නිලධාරියෙකුගේ ජීවිතයේ ඉහළම ගුණාංගයයි. සුබවාදී බව, ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයෙකුගේ සාර්ථකත්වයේ හදවත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ අද (19) පෙරවරුවේ පැවැති 96 වන විසිර යාමේ පෙළපාළිය පිළිගනිමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කර සිටියේ.

සරල කාර්යය කෙරෙහි වුව ද දැඩි සැලකිල්ලක් දැක්වීම සහ සාමූහිකව වැඩ කිරීමේ හැකියාව පෝෂණය කිරීම හමුදාවේ ලක්ෂණයකි. පුද්ගලයෙකු වශයෙන් කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත වුව ද අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථක වීමට නොහැකි බව ජනාධිපතිතුමා සඳහන් කර සිටියේ.

” නායකයෙකු ලෙස ගමන ආරම්භ කරන විට ඔබ යටතේ සිටින සොල්දාදුවන්, සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව වටහා ගත යුතුය. එවැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් ක්‍රියා කිරීම නායකයෙකුගේ වගකීම බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. වරින් වර පැන නගින පසුබෑම්, බාධක සහ දුෂ්කරතා මධ්‍යයේ වුව ද මිනිසුන්ට කරන තම මෙහෙවර කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

පසුබෑම් ගමන් මගෙහි කොටසක් වන අතර ඒවාට සාර්ථකව මුහුණ දී නිර්භිත තීරණ ගැනීමට නායකයා සමත් විය යුතුයි” ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කර සිටියා.

ජනාධිපතිතුමා සිදුකළ සම්පුර්ණ සාකච්ජාව පහතින් දැක්වේ.

මෙන්න බලන්න තවත් පුවත්