ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක හා තරග තීරකවරයෙකු වන රොෂාන් මහානාමගේ ‘මගේ ඉනිම’, රොෂාන් මහානාම, චරිතාපදාන කෘතිය එළිදැක්වීම ඊයේ (16) කොළඹ දී සිදුකෙරුණා.

මෙහි ප්‍රථම කෘතිය සිය මව වෙත පිළිගැන් වූ අතර ක්‍රිකට් පුහුණුකරු නෙල්සන් මෙන්ඩිස් මහතාට ද කෘතියක් පිළිගැන්වනු ලැබුවා.

මෙහි දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ රොෂාන් මහානාම මහතා පවසා සිටියේ මෙවැන්නක්.

“ක්‍රිකට් ගොඩගන්න නම් ඇමතිවරයාට ක්‍රිකට් පාලක මණ්ඩලයට හා අනික් සියල්ලටම වගකීමක් තියෙනවා. පුහුණුකරු ලෙස මගෙන් ඉල්ලීමක් කර තිබුණා මම ඒකට කාලයක් ඉල්ලුවා. මගේ පිටින් දාලා සේරම වහගන්නවා නම් මම ඒකට එන්නේ නෑ. මට ඕනේ තරුණයන්ට පණිවිඩයක් ගෙනියන්න අපේ රටේ නායකයෝ කියන දේ කරන කරන දේ කියන අය නොවේ විශ්වාසවන්ත භාවය, මිත්‍රත්වය, විනිවිදභාවය තිබිය යුතුයි. මුදල අවසානයට ආ යුතුයි.”

ඉදිරියේ දී දේශපාලනයට පැමිණෙනවා ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් වැඩි දුරටත් කරුණු විමසා සිටියා.

එහිදී එයට පිළිතුරු දුන් ඔහු පවසා සිටියේ මෙවැන්නක්.

“දේශපාලනයට එනවා නම් මම එන්නේ 1999, මට ඒ කාළේ ආරාධනා ආවා. මම මගේ ආත්ම ගරුත්වය පාවා දුන්නේ නැහැ.”

මෙන්න බලන්න තවත් පුවත්