කාන්තවකගේ ගෙල තිබූ රන් මාලයක් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකුව අවට සිටි පිරිස් විසින් අල්ලාගෙන තිබේ.

අද (15) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රය අසලදී ඉන්දීය ජාතික කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය කඩාගැනීමට ඔවුන් උත්සාහ කර තිබුණි.

සැකකරුවන් දෙදෙනා පැමිණ තිබුණේ යතුරුපැදියකිනි.

කොල්ලය වැරදීමත් සමග ඔවුන් දෙදෙනාව අල්ලා ගැනීමට අසල සිටි පිරිස් කටයුතු කර තිබූ අතර පසුව පොලීසියට භාරදී තිබේ.

 

මෙන්න බලන්න තවත් පුවත්