දිවයිනට දකුණු දෙසින් පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය ඉදිරි පැය 24 තුළ දී අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.

එම මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි සමග පැ.කි.මී 40 – 50 පමණ තද සුළං පවතින අතර සුළඟේ වේගය පැ.කි.මී 60 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.

මෙම තත්ත්වය හේතුවෙන් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නොයෙදන ලෙස දැනුම් දී ඇත.

දැනට එම ප්‍රදේශවලින් මුහුදු ගොස් සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටින්නේ.

මෙන්න බලන්න තවත් පුවත්