අතුරුදන් වූ කොටදෙණියාව, බාදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනා සොයා පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 10 සහ 12 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනෙක් බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් ඥාති සහෝදරයන් වනවා.

එම දරුවන් දෙදෙනා ඉකුත් 23 වන දින සිට අතුරුදන්ව ඇති බවට ඥාතීන් විසින් කොටදෙණියාව පොලීසියට පැමිණිලි කර තිබුණා.

එම ළමුන් දෙදෙනා පිළිබද යම් තොරතුරක් ඇත්නම් දැනුම් දෙන ලෙසයි කොටදෙණියාව පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.

 

මෙන්න බලන්න තවත් පුවත්