මහත් ආන්දෝලනයකට තුඩුදුන් ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල දෙමළ බාළිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වු බව කියන නඩුව සමථයකට පත්වී අවසන් කර තිබේ.

ඊයේ (11) සමථ මණ්ඩලයේදී දෙපාර්ශ්වය සමථයකට පත්වී නඩුව අවසන් කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

බදුල්ල දෙමළ බාළිකා මහ විද්‍යාලයේ විදුහල්පතිනි භවානි රගුනාදන් මහත්මිය බදුල්ල පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව පවරා තිබු අතර නීතිපති උපදෙස් මත එය සමථ මණ්ඩලයට යොමුකර තිබුණි.

ඒ අනුව, ඊයේ දෙපාර්ශවයම සමථ මණ්ඩලයට කැඳවා තිබු අතර එහිදී භවානි රඟුනාදන් මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ මෙම නඩුව සමථයකට පත්කර ගැනීමට කැමැත්ත පළ කරන බවය.

ඊට හිටපු ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ද එකඟවීමත් සමඟ නඩුව සමථයකට පත්කර අවසන් කිරීමට තීරණය කෙරුණි.

 

මෙන්න බලන්න තවත් පුවත්