ලොව විශාලතම තනි ස්වභාවික “නිල් මැණික” මෙරටින් හමුවී තිබෙනවා.

රත්නපුරය දිස්ත්‍රික්කයෙන් එම මැණික හමුවී ඇති බවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පැවසුවේ. එම නිල් මැණිකේ බර කිලෝග්‍රෑම් 310 ක් වන අතර එහි කැරට් පහලොස් ලක්ෂ 50, 000 ක් අඩංගු බවයි පැවසෙන්නේ.

එම නිල් මැණික “ආසියාවේ රැජිණ” ලෙස නම් කර තිබෙනවා. මෙම නිල් මැණික හමුවූ ස්ථානයට තමන් ලගා වෙමින් සිටින බවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ  සඳහන් කළේ.

මේ අතර රත්නපුරය ප්‍රදේශයෙන් ඉකුත් දා හමුවූ කිලෝ 510 ක් බරැති මැණික් පොකුරට එංගලන්තයේ සුප්‍රසිද්ධ මැණික් වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් මිලියන 250 ක ලන්සුවක් ඉදිරිපත් වුණා.

කෙසේවෙතත් මැණික් පොකුරේ හිමිකරුවන් සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නියෝජිතයින් ඊට එකගත්වය පළ කර තිබුණේ නැහැ.

ශ්‍රී ලංකා නියෝජිතයින් එම මැණික් පොකුර සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 400 ක ලන්සුවක් ඉදිරිපත් කර තිබුණා.

මෙන්න බලන්න තවත් පුවත්