ලොව පුරා කොරෝනා වසංගතය පැතිරී වසර දෙකක් ගත වන තෙක් ම කිසිදු කොවිඩ්-19 රෝගියෙකු වාර්තා නොවූ ලොව එක ම රට වන කුක් දූපත් (Cook Islands) රාජ්‍යයෙන් ද ඊයේ දිනයේදී කොරෝනාවෛරස ආසාදිතයෙකු හඳුනාගෙන තිබේ.

එරට අගමැති මාර්ක් බ්‍රවුන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එරට ප්‍රථම වෛරස ආසාදිතයා වයස අවුරුදු 10ක දරුවෙකු බව ය.

ඔහු සිය පවුලේ සාමාජිතයින් සමග නවසීලන්තයට ගොස් යළි කුක් දූපත් වෙත පැමිණ නිරෝධායනයට ලක්ව සිටියදී වෛරස ආසාදිතයෙකු බව හඳුනා ගෙන ඇති බව අගමැතිවරයා නිවේදනය කර තිබේ.

දකුණු පැසිෆින් කලාපයේ පිහිටා ඇති මෙම කුක් දූපතෙහි ජීවත්වන සම්පූර්ණ ජනගහනය ලෙස වාර්තා වන්නේ 17,000කි.

ගෝලීය වශයෙන් සලකා බැලිමේදී ඉහළ එන්නත්කරණ ප්‍රතිශතයක් වාර්තා වන මෙරටෙහි ජනගහනයෙන් 96%ක් කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වසංගතය හේතුවෙන් විදෙස් රටවල් සමග පැවති ගුවන් ගමන් කුක් දිවයින විසින් නවත්වනු ලැබ තිබේ.

කෙසේ නමුත් නවසීලන්තය සඳහා පමණක් ගුවන් ගමන් විවෘත කර තිබී ඇත.

මෙන්න බලන්න තවත් පුවත්