බස් ගාස්තු ඉහළ දැමීමක් මේ මොහොතේ සිදු කළ නොහැකි බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා. ජනවාරි මාසයේ සිට බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව බස් සංගම් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ඇය මේ බව සඳහන් කර සිටිනවා.

බඩු මිල ඉහළ ගොස් ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටියදී හදිසියේම බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බවත් ඇය පැවසුවේ.

බස් රථ සඳහා සහන ලබාදීම විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් ඒ අනුව විශේෂ සහන පැකේජයක් ඉදිරියේදී හදුන්වාදෙන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

 

මෙන්න බලන්න තවත් පුවත්