වසර දෙකක පමණ කාලයක සිට වයස අවුරුදු දහ 13 ක් වූ නැගණිය හොර රහසේ සිය අඹු කමට කමට තබාගෙන සිටි විසි එක් හැවිරිදි සහෝදරයකු සැකපිට 01 දින දඹුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු වසර ගණනාවක් පැවිදිවී පසුව උපපැවිදි වී නිවසේ සිටින බාල වයස්කාර නැගණිය බරපතල ලිංගික අපයෝජන යන් වලට යොදා ගෙන ඇති බව පොලීසිය කියයි.

දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ ලෙනදොර ප්‍රදේශයේ ගම්මානයක ජනතාව 1929 කෙටි දුරකථන අංකය හරහා ලබා දුන් මෙම තොර තොරතුරු ඔස්සේ දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා නිලුකා විජේසුන්දර මහත්මිය ඇතුළු කණ්ඩායමක් මෙය අනාවරණය කරගෙන තිබේ.

දඹුල්ල ලෙනදොර ප්‍රදේශයට ආසන්න ගම්මානයක පියා මව වයස අවුරුදු දහ දහතුනක් වූ නිවුන් සහෝදරිය සහෝ සහෝදරයා මෙන්ම වයස අවුරුදු විසි එකක් වූ වැඩිමල් සහෝදරයා ජීවත්වන බව පොලීසිය කියයි.

වසර කිහිපයකට ඉහත දී මෙම පවුලේ වැඩිමල් සහෝදරයා වූ අත්අඩංගුවේ පසුවන විසි එක් හැවිරිදි සැකකරු නාවුල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවිදි වී සිටි බවත් පැවිදි භාවයේ සිටියදී බොහෝ අවස්ථාවන් වල නිවසට පැමිණ සහෝදර සහෝදරියන්

සමඟ නිවසේ සිට ඇති බවත් පසුව උපැවිදි වී නිවසේ සිටින බව පොලීසිය කියයි.

කුඩා කාමර දෙකක ජීවත් වෙන විවිධ ආර්ථික දුෂ්කරතා වලින් හෙබි මෙම පවුලේ මව සහ අනෙක් දරුවන් සියලු දෙනාම එකම ඇඳක නිදා ගන්නා බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙන බවත් එම අවස්ථාවන්හිදී වසර දෙකක පමණ කාලයක සිට නිවස තුළදීම දහතුන් හැවිරිදි මෙම දැරියට ලිංගික අපයෝජනයක් සිදුව ඇති බව සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළි වී යැයි දඹුල්ල පොලීසිිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස්
පරීක්ෂිකා නිලූකා විජේසූ විජේසුන්දර මහත්මිය පැවසුවාය.

ළමා හා කාන්තා කාර්යාංශයට අයත් 19 29 කෙටි දුරකථනය හරහා ලැබුණු තොරතුරු පරික්ෂා කිරීමේදී මෙම දහතුන් හැවිරිදි දියණියගේ නිවුන් හෝදරයගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තම සහෝදරිය අපයෝජනයට ලක් කළ විසි එක් හැවිරිදි අත්අඩංගුවේ පසුවන තරුණයාගෙන් ප්‍රශ්න කිරීමේදී තමන් වසර දෙකක පමණ කාලයක සිට ජංගම දුරකථනය හරහා අසභ්‍ය වීඩියෝ දර්ශන නැගනියට පෙන්වා ඒ සඳහා පොළඹවා ගත් බවත් මෙම කතාව හෙළිදරව් කරන්නේ නම් නැගණිය ඝාතනය කරන බවට තර්ජනය කළ බව ද පිළිගෙන ඇතැයි පොලිසිය කියයි.

පවුලේ මව යම්කිසි මානසික ආබාධයකින් පෙළෙන බවත් පියා ගලේවෙල ප්‍රදේශයේයේ කම්කරු රැකියාවක නිරත වන බවත් ඔහු සතියකට වරක් හෝ දෙවරක් පමණක්ක් නිවසට එන බව පොලිසිය කියයි.

මෙම දහතුන් හැවිරිදි පාසල් සිසුවියට නිවස තුළම සිදුවූ මෙවැනි ලිංගික හිරිහැර පිළිබඳවව කෙසේ හෝ අවට ජනතාවට තොරතුරු ලැබීමත් සමග එම ජනතාව ළමා හා කාන්තා කාර්යාංශයේ කෙටි දුරකථන අංකය දැනුවත් කොට ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

පොලිස් භාරයට ගත් දහතුන් හැවිරිදි දැරිය දඹුල්ල රෝහලේ රෝහල්ට ඇතුළත් කළ බව අත්අඩංගුවට පත් සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනිල් කරුණාතිලක මහතාගේ උපදෙස් පරිදි හා ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලූකා විජේසුන්දර මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

මෙන්න බලන්න තවත් පුවත්