ඔමික්‍රෝන් කොවිඩ් විකෘති ප්‍රභේදය හඳුනාගැනීම සඳහා මෙරට සිදු කරන පර්යේෂණ කඩිනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

දිවයිනට පැමිණෙන විදේශිකයන්ගේ සහ මෙරට පුද්ගලයන්ගේ සාම්පල පරීක්ෂා කිරීම් වේගවත් කිරීමට කටයුතු යොදා ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.

ජාන විශ්ලේෂණ ක්‍රමවේදය ඒ සඳහා යොදා ගැනීමට අපේක්ෂිතයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනය මෙන්ම වෛද්‍ය පර්යේෂණෂ ආයතනය ද ඊට දායකත්වය ලබා දීමට නියමිතයි.

මේ අතර රට යළි වසා දැමීමේ අපේක්ෂාවක් නොමැති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.

ඒ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ අතර මෙරට පුද්ගලයන් පන්ලක්ෂ 81,973 දෙනෙකුට බූස්ටර් එන්නත ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඕනෑම කොවිඩ් මර්දන එන්නතක පළමු මාත්‍රාව පුද්ගලයන් එක්කෝටි 59 ලක්ෂයකට ලබා දී ඇති අතර මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන් සංඛ්‍යාව එක්කෝටි 37 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්