දිවයිනේ කොළඹ දිස්ත්‍රික්කය ඇතැම් ප්‍රදේශ ද ඇතුළුව දිවයිනේ ප්‍රදේශ රැසකින් විදුලි බිඳ වැටීම් සිදුව ඇති බවට වාර්තා වනවා.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල, ගල්කිස්ස, අතුරුගිරිය, මොරටුව යන ප්‍රදේශ වලින් ද නිට්ටඹුව, බදුල්ල, නුවරඑළිය, මාතලේ, ඇතුළුව දිස්ත්‍රික්ක කිහිපයකින් ද මෙලෙස විදුලිය බිඳ වැටීම වාර්තා වන බවයි පාරිභෝගිකයින් පවසන්නේ.

කොත්මලේ විදුලි බලාගාරයේ සිට බියගම උප පොළ දක්වා විදුලි සැපයුම රැගෙන යන අධිබලැති කේබල් රැහැනක් බිඳවැටීමෙන් ග්‍රිඩ් උප පොළවල් රැසක විදුලිය බිඳ වැටීම් වාර්තා වී ඇති බවයි විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

මෙන්න බලන්න තවත් පුවත්