“සන්ෂයින් සුද්දා” ඝාතනය සහ තවත් ඝාතන රැසක ප්‍රධාන සැකකරුවෙකු වන හේවාලුනුවිලගේ ලසන්ත හෙවත් “ටින්කර් ලසන්ත” කළුතර, දියගම ප්‍රදේශයේ දී පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමරුවෙකදී මිය ගොස් තිබෙනවා.

අපරාධ රැසකට සම්බන්ධ සන්සයින් සුදා නමැත්තා දික්වැල්ලේ දී ඝාතනයේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ලසන්ත නමැත්තා මාතර ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර ඔහු අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

සැකකරු සන්සයින් සුද්දාට වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය කළුතර උතුර දියගම ප්‍රදේශයේ සඟවා තබා ඇති බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එය සොයා පොලිස් නිලධාරීන් සමඟ ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ දරා ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් විසින් මෙලෙස ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද රෝහල් ගතකර තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්