පියුමි හන්සමාලි කියලා කියන්නේ වර්තමානය වන විට නිරන්තරයෙන් කථාබහට ලක්වන අපූරු රංගන ශිල්පිනියක්.තරුණයන්ගේ ආකර්ෂණය සහ ආදරය නිරන්තරයෙන්ම දිනා ගන්නා ඇය කියන්නට ඇතිදේ කෙලින්ම කියන ඉතාමත් ශක්තිමත් කාන්තාවක් වනවා.සුරතල් දරුවකුගේ ආදරණීය මවක් වන ඇය මේ වන විට අවුරුදු පහක් තිස්සේ ආදරය කල පෙම්වතාගෙන් වෙන් වී සිටින අතර තනිකඩ ජීවිතයක් ගත කරමින් සිටිනවා.තනිකඩ ජීවිතයක් ගත කළ ද ඇය ඉතාමත්ම විනෝදකාමී ලෙස සහ ඉතාමත්ම සැහැල්ලුවෙන් සිය ජීවන ගමන ගෙන යනවා.

 

 

ඇය පිළිබඳව නොයෙකුත් කටකතා පැතිරුණත් ඇය ඒවාට ඉතාමත්ම ශක්තිමත්ව මුහුණ දෙන අතරම සමාජ සත්කාර බොහෝමයක් සඳහා ඇයගේ ධනය වියදම් කොට අසරණ දුගී දුප්පත් පවුල් වලට සහ දරුවන්ට විවිධාකාරයේ උදව් උපකාර කරනවා.ඉතින් පසුගිය දිනකදී ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ අතර එහිදී ඇය ප්‍රකාශ කර සිටියේ මෙවැන්නක්.

 

“ඇත්තටම ආදරේ කියන්නේ ඕනෑම කෙනෙක්ට අත්‍යවශ්‍යම දෙයක්.මම ඉස්කෝලේ යන කාලේ නම් ආදරේ කියන දේ හිතට දැනෙන තරම් දැනෙන්න තරම් ඒ ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ.නමුත් මීට අවුරුදු හතරකට පහකට කලින් මට ඒ දේ ගැන ලොකු අවබෝධයක් දැනුනා.අපි බැන්දේ නැති වුණාට අවුරුදු හතරක් විතර එකට ජීවත් වුණා.එයා මගෙත් එක්කම එකට හිටපු නිසා එයා නැති අඩුව මට ගොඩක් දැනෙනවා.ආදරය කරන කෙනා මට බොරු කරනකොට මට ඒක දරාගන්න බැරි තරම් දුකක්.නිසාම තමයි අපි වෙන් වුනෙත්.

 

 

මම වෙන් වෙන්න බලාගෙන විවාහ වෙන්න අදහසක් නෑ.මොකද මම කලින් විවාහ වුණෙත් මම ආදරේ කරපු කෙනෙක් එක්ක.ඒ නිසා දික්කසාද වෙන්න බලාගෙන මම විවාහ වෙන්නෙ නෑ.මෙම විවාහ වුණත් විවාහ වෙන්නේ විදේශිකයෙක් සමඟ.මොකද ඒ මිනිස්සු ජීවිතය අරන් යන්නේ හරි අවබෝධයකින්.ඉතින් ලංකාවේ කෙනෙක් එක්ක විවාහ වෙලා දුක් විඳින්න මගේ බලාපොරොත්තුවක් නෑ.

 

මම පළමුවරට විවාහ වෙද්දී මට වයස අවුරුදු දහඅටයි.ඉතින් අවුරුදු තුනක් විතර එකට ජීවත් වෙද්දී ඇතිවෙච්චි ගැටලුකාරී තත්ත්වයක් නිසා අපි කතාබහ කරලා වෙන්වුණා.දැන් එයත් වෙන කෙනෙක්ව බඳින්න ඉන්නේ.එයා ගැන වෛරයක් නැහැ.මොකද මට මොනතරම් පෙම්වතුන් හොයාගන්න පුළුවන් වුනාට මගේ පුතාට ඉන්න එක තාත්තයි.” යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇයගේ ඉදිරි අනාගත කටයුතු සියල්ල සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

 

මෙන්න බලන්න තවත් පුවත්