වාරියපොල ප්‍රදේශයේ නිවසකින්   රුපියල් ලක්ෂ 15 ක් කොල්ල කා යමින් සිටි කොල්ලකරුවෙක්  ඔවුන් ගමන් ගත් වැන් රථය සහ මුදල් සමග  දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදාවෙන් ඉවත්ව සිටී බව  කියන තිස්සමහාරාම ජූල්පල්ලම ප්‍රදේශ්යේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

වෙළඳසැලකට ගොස් කෙටි ආහාරයක් ගෙන  තේ වතුර  පානය කොට රුපියල් 200 ක බිල වෙනුවට රුපියල් 1000ක මුදලක් වෙළඳසැල් හිමියාට ලබාදී ඉතිරි මුදල වෙළඳසැල  හිමියාට තබා ගන්නැයි කියා පිට වූ පුද්ගලයකු සම්බන්ධයෙන් ඇල්ලේපොල මහතාට සැකසිතී ඔහු ගෙන් ප්‍රශ්න කරන්නට වූ බව  පොලීසිය කියයි.

දඹුල්ල පොලිසියේ පොලිස් පරීක්ෂක ඊ .ජී .ආර් .ඇල්ලෙපොළ මහතා ඇතුළු කණ්ඩායමක් මුර සංචාරයේ යෙදී සිටියදී  දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් නවතා  තිබියදී පොලිස් පරීක්ෂක ඇල්ලේපොල මහතාට  මෝටර් රථය  පිළිබඳව ඇතිවූ සැකය මත   වාහනය පරීක්ෂා කිරීමේ දී වාහනය තුළ සඟවා තිබූ රුපියල් ලක්ෂ දහ තුනකට ආසන්න මුදල් ප්‍රමාණයක් සොයාගත් පොලිසිය කියයි .

ප්‍රශ්න කිරීමේ දී කියා ඇත්තේ  කුරුණෑගල ප්‍රදේශයේ කුලී  පදනම මත  මෝටර් රථය හා රියදුරු ලබාගත් බව හෙළිවී තිබේ .

මෙම  පුද්ගලයාට රුපියල් ලක්ෂ 13ක පමණ මුදලක් උපයා ගත්තේ කෙසේදැයි ප්‍රශ්න කිරීමේ දී විවිධ උත්තර ලබා දීමත් සමග මෝටර් රථය රියදුරු සහ මෙම පුද්ගලයා දඹුල්ල පොලිසිය වෙත රැගෙන විත් ප්‍රශ්න කරන්නට වූ  බව පොලීසිය කියයි.

මෙම පිරිස  ප්‍රශ්න කරමින් සිටියදී වාරියපොල පොලිසියෙන් හදිසි ෆැක්ස් පණිවිඩයකින් කියා ඇත්තේ වාරියපොල ප්‍රදේශයේ නිවසක් මංකොල්ලකා දඹුල්ල දෙසට  මෝටර් රථයකින් අයකු පලා යන පලා යන බැවින්  අවධානය යොමු කරන ලෙසයි.

පිළිබඳව  දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතා කඩිනම් අවධානය යොමු කොට මෙම පුද්ගලයන් දෙදෙනා වෙන වෙනම ගෙන ප්‍රශ්න කිරීමේදී වාරියපොල ප්‍රදේශයේ නිවසක් මංකොල්ලකා මුදල් රුපියල් ලක්ෂ පහළොවක් ලබාගෙන එම නිවසේම යතුරු යතුරුපැදියක් සොරාගෙන කුරුණෑගල නගරයට පැමිණ කුරුණෑගල නගරයේ යතුරු පැදිය නවතා කුලී  පදනම මත මෝටර් රථය ලබාගෙන තිස්සමහාරාමට  ගමන් කරමින් සිටින බව සැකකරුගෙන් හෙළිදරව් කර ගැනීමට පොලීසියට හැකි වී තිබේ .

මෙන්න බලන්න තවත් පුවත්