අද දිනයේදී සමස්ත ආසාදිතයින් ගණන 740ක් වාර්තා වී ඇති අතර අද දිනය වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 558,860 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

මේ අතර ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 24ක් වාර්තා වී ඇත.ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 14,182 දක්වා ඉහළගොස් ඇත.

මේ අතර කුලියාපිටිය අධිකරණය මගින් පාලනය වන රැඳවුම් ළමා නිවාසයේ දැරියන් 36 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසනවා.

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිළධාරීන් එම පරිශ්‍රයට ගොස් රෝග ලක්‍ෂණ සහිත දැරියන් 46 දෙනකු වෙනුවෙන් සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂාව අනුව එසේ 36 දෙනකු ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇත.

උණ රෝගය වැළඳී තිබූ දැරියන් 7 දෙනකු කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල පරිශ්‍රයේ පැවති පරීක්‍ෂාවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සියලුම දැරියන් ආසාධිතයන් ලෙස හඳුනාගැනීමෙන් පසු ඇන්ටිජන් පරීක්‍ෂාවකට ලක්කර ඇත.

කෙසේ වෙතත් කොරෝනා වයිරසය ළමානිවාසය තුළට කෙසේ පැමිණ ඇත්දැයි සොයා මේ වනවිටත් පරීක්‍ෂණ පවත්වයි.

මෙන්න බලන්න තවත් පුවත්